රවි

5:59 am

6:19 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 29%
Zodiac Sign
වෘෂභ

පංචාංග


2018 April 20
6:31 am


මුවසිරිස


පුර විසේනිය


ශෝභන


බව, බාලව

රාහු කාලය

10:37 am - 12:09 pm

දිශා


නැගෙනහිර


ගිණිකොන


දකුණ


2015 වර්ෂයට පලාපළ: සිංහ


වෘත්තීය දක්ෂතා සහ උසස් අධ්‍යාපනය දියුණුවට

මෙවර සිංහල අවුරුදු උදාවත් සමග ලග්නාධිපති රවි භාග්‍යස්ථානවේ උච්චව යෝගකාරක කුජ සමග සිටිමින් ලග්නයට බලවත් වූ ත්‍රිකෝණ දෘෂ්ඨිය හෙළයි. කර්මස්ථානාධිපති සිකුරු දහවැන්නේ සිට මාලවී යෝගය උදා කරයි. පුණ්‍යස්ථානය වූ නවවැන්න උසස් අධ්‍යාපනය නියෝජනය කරයි. එහි රවි සහ බුධ සංයෝගය රවි බුධ ආධිත්‍ය යෝගය උදා කරයි. වැයස්ථානයේ ගුරුද ධනස්ථානය වූ දෙවැන්නේ රාහු ද ගමන් කරයි.

මේ අනුව බලන කල මෙම උදා වූ වසර සිංහ ලග්න හිමියන්ට මෙම කාල සීමාව තුළ ඔබේ කටයුතුවලට කිසියම් සුළු සුළු බාධා අවහිරති ඉස්මතු වුවද ඒවා මැඩ කටයුතු සඵල කර ගැනීමේ බාග්‍ය ද ඇත. සමාජයේ සහ ඇසුරු කරන්නන්ගේ කටයුතුවලට සම්බන්ධ විමත්, පරාර්ථකාමීත්වයෙන් යුතුව කටයුතු කිරීමෙනුත් අන්‍යයන් අතර කැපී පෙනේ. වැයස්ථානය වූ දොළොස්වැන්නේ ගමන් කරන ගුරු දැනට සිංහ ලග්න හිමියන්ට අනවශ්‍ය වියදම් ඇතිකරන මුත් එම අශුභතාවය 2015 ජූලි 13 න් පසු ගුරු ලග්නයේ පැමිණීමෙන් අවසන් වේ.

ධනය

වැයස්ථානගත ගුරු අනපේක්ෂිත සහ අනවශ්‍ය වියදම් ඇති කරන අතරම රාහු දෙවැන්නේ සිටිමින් ධනස්ථාන පීඩා කරයි. එබැවින් මේ වන විටදී සිංහ ලග්න හිමි ඔබගේ ධනය සම්බන්බන්ධයෙන් මිශ්‍රඵලදායකය. 2015 ජූලි 13 න් පසු ගුරු වැයස්ථානයෙන් මිදීම හේතුවෙන් අනවශ්‍ය වියදම් සීමා වේ. එසේම දෙවැන්න අධිපති හෙවත් ධනස්ථානාධිපති පෙර පින පෙන්වන ස්ථානය වූ නවවැන්නේ වීමෙන් සහ ගුරු ලග්නගත වීමෙන් ලැබෙන දෙයින් කෙනෙකුට අත නොපා තම එදිනෙදා කටයුතු අරපරිස්සමෙන් කරගෙන යාමට හැකි වේ.

රැකියාව

කර්මස්ථානය වූ දහවැන්න අධිපති සිකුරු එහිම ස්වක්ෂේත්‍ර වී මාලවී යෝගය උදාකරමින් සිටී. මෙසේ සිකුරු බලවත්ව සිටියදී වසර උදාවීම වෘත්තීය සහ රැකියා ආදායම් මාර්ගවල යහපතක් දියුණුවක් ඇති වේ. විවිධ කේෂ්ත්‍රයන්ට යොමුවීමෙන් ආර්ථික වාසි ලබා ගත හැකිය. උත්සාහය සහ කැපවීමේ තරමට වඩා දියුණුවක් ලැබීමටද වාසනාව හිමිවේ. රැකියාස්ථානයේ මෙන්ම වෘත්තීය කේෂ්ත්‍රයේ ගෞරව ආරක්ෂා කර ගනිමින් කටයුතු කරයි.

අධ්‍යාපනය

ඉගෙන ගන්නා අයට විවිධ බාධක සහ කළකිරීම් ඇතිවීමට ඉඩ තිබේ. එයට හේතුව දහවැන්නේ සිටින විද්‍යාස්ථානාධිපති ගුරු හතරවැන්නේ සිටින ශනිගේ සප්තම දෘෂ්ඨියෙන් පීඩා වීමය. එනමුත් ඥාණ ශක්තිය සහ ධාරණ ශක්තිය යහපත් බැවින් ස්වකීය උත්සාහය සහ කැපකිරීම මගින් ඉගෙනීමේ කටයුතුවල නියැලී සිටින අයට යහපත්ය. අලුත් විෂයයන් ඉගෙනීමට මෙන්ම ඒ ආශ්‍රිත පර්යේෂණවල යෙදෙන අයටද හොඳ ප්‍රථිපල ගත හැකිය.

උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ට විශේෂ ශුභඵල ලැබේ. උසස් අධ්‍යාපනය නියෝජනය කරන නවවැන්නේ ග්‍රහ බලය වැඩි වී ඇත. අධ්‍යාපනයට අදාල බුධ ආදිත්‍ය යෝගය ද, නවවැන්නේ ලග්නාධිපතියාගේ උච්ච බව ඊට හේතුවයි.

ජීවිතය

දෙවැන්න රාහුගෙන් පීඩා වීම නිසා තමා ළඟින් ඇසුරු කරන්නන්, ව්‍යාපාර හවුල් කරුවන් සහ යුගදිවි ගෙවන්නන් අතර කතා බහ කල්පනාවෙන් කල යුතුය. ශබ්ධ නගා කතා කිරීම සහ ප්‍රහාරාත්මක ලෙස වචන හැසිරවීම අන් අයගේ සිත් නොගනී. තම මත සහ හැඟීම් යටපත් කර අන්‍යන්ගේ මත ඉස්මතු විමට ඉඩ හැරීමෙන් බොහෝ දුරට අන්‍යන්ගේ සිත් සිනා ගැනීම ඔබට පහසු වනු ඇත.

සෙෘඛ්‍යය

සෞඛ්‍ය තත්වයේ බොහෝ තදබල අයහපතක් ඇති නොවුනත් යම්තාක් දුරට ප්‍රෙව්ශම් වීමට වග බලා ගත යුතුය. දත්වල විකෘකි තත්වයන් ඇතිවීමටත් උගුරේ අමාරු ඇතිවීමටත් ඉඩ ඇත. පපුව සහ පෙනහැල්ල ආශ්‍රිත රෝග සහ මේදය අධික බව ඇති අය මෙතෙක් අනුගමනය කරන වෛද්‍ය උපදෙස් පිළිපැදීම සහ කලට වේලාවට බේත් හේත් ගත යුතුය.

ජය දින - ඉරිදා, අගහරුවාදා

ජය වර්ණ - රතු. කොළ

ජය අංක - 1, 4, 5,

මේ වන විට රාහු, බුධ, සිකුරු සහ ශනි මහා දසා අතුරු දශා ගෙවන අය ඊට පිළියම් යෙදීමෙන් ඉහත අදාළ ශුභඵල සම්පූර්ණයෙන්ම ලබා ගත හැකිය.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මේෂ
13° 6' 40"

  රවි
   5° 54' 34"
  චන්ද්‍ර
   28° 2' 7"
  බුධ
   11° 40' 45"
  සිකුරු
   0° 20' 5"
  කුජ
   24° 6' 26"
  ගුරු
   26° 39' 13"
  ශනි
   15° 15' 24"
  රාහු
   17° 6' 44"
  කේතු
   17° 6' 44"
  යුරේනස්
   4° 35' 23"
  නෙප්චූන්
   21° 34' 32"
  ප්ලූටෝ
   27° 16' 49"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය