රවි

6:14 am

6:00 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 74%
Zodiac Sign
මේෂ

පංචාංග


2018 December 19
11:05 am


බෙරණ


පුර දෙළොස්වක


ශිව


බව, බාලව

රාහු කාලය

12:07 pm - 1:35 pm

දිශා


උතුර


නිරිත


නිරිත


2015 වර්ෂයට පලාපළ: ධනු


ඉවසීමෙන් බාධා මැද ජය ගත යුතුය

ලග්නාධිපති ගුරු අටවැන්නේ වූ කටක රැසෙහි උච්චව සිටී. යෝගකාරක සිකුරු හයවැන්නේ සිටිමින් හර්ෂ යෝගය උදා කරයි. උච්ච රවි විද්‍යාකාරක බුධ සමග සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය උදා කරයි. රාහු රැකියාස්ථානය වූ දහවැන්නේත්, කේතු හතරවැන්නේත් ස්වක්ෂේත්‍ර වී සිටියි. ධනස්ථානපති ශනි වැයස්ථානයේ සතුරු රාශිගත වී සිටිමින් ධනස්ථානයේ සිටින චන්ද්‍රයාව දකියි. අටවැන්ධිපති චන්ද්‍රයා ශනිට අයත් දෙවැන්නේ සිටිමින් අට වැන්නේ උච්ච ගුරුට සප්තමව දෘෂ්ඨි හෙළයි.

මේ අනුව බලන කල මෙම උදා වූ වසර ධනු ලග්න හිමියන්ට ඉවසීමෙන්, ධෛර්යයමත්ව, දුෂ්කරතා සහ බාධා මැද ජය ගත යුතුව ඇත. එසේම සමාජයේ ඇගයිමට සහ ගරු බුහුමනට ලක්වීමට නම් මහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු 2015 ජූලි 13 න් පසු සිංහ රාශි ගත වී ත්‍රිකෝණ දෘෂ්ඨියෙන් ලග්නය දැකීම මදක් අස්වැසිල්ලක් වේවි.

ධනය

ශනි දොළොස්වැන්න වූ වැයස්ථානයේ සතුරු රාශිගත වී සිටී. ශනිට ඔහුගෙන් තුන්වැන්න දකින න්‍යාය හේතුවෙන් ධනස්ථානයේ සිටින චන්ද්‍රයාව දකි. එබැවින් තැන්පත් ධනය විවිධ මාර්ග ඔස්සේ වියදම් වී යන්නේ සිතා ගන්නවත් බැරි විධියටය. රැකියාස්ථානයේ සිටින රාහු මහත් වේගවත්ව මහන්සියෙන් ධනය ඉපැයීමට උත්සුක වුවත්, දහවැන්නේන් අටවැන්න කුජ එම ආදායම් පීඩාවට පත් කරයි. නමුත් එය කුජට අයිති මේෂ රාශිය බැවින් එම ධනය යම් ප්‍රථිපලදායී දේවලට වියදම් කලායැයි සිත හදා ගැනීමට පුලුවන.

රැකියාව

රාහු දහවැන්නට ශුභඵල දේ. ධනු ලග්න හිමි ඔබගේ දහවැන්න කන්‍යාවයි. එබැවින් කන්‍යාවට රාහු ස්වක්ෂේත්‍රයි. එම නිසා ධනු ලග්න හිමියන්ගේ කන්‍යාව වන රැකියාස්ථානය බලවත් වේ. ඒ අනුව බාධා ප්‍රමාධතා මධ්‍යයේ වුවද ස්වකීය උත්සාහයද හේතුවෙන් රැකීරක්ෂා කටයුතුවලදී තම තත්වයේ උසස් විම්වලට, නව රැකියා සහ නව ආදායම් මාර්ගවලටද මග පෑදෙනු ඇත. ආර්ථික සහ මූල්‍යමය ආයෝජන කටයුතුවලද වාසි සහගත තත්වයක් උදා වේ. තමාට වඩා උසස් අය මෙන්ම තමාට වඩා තත්වයෙන් අඩු අයවද තෘප්තිමත් වන සේ කරන ඇසුර මගින් සැමගේ සහයෝගය සහ ආශීර්වාදයද ආදායමට අමතරව ලැබෙනු ඇත.

අධ්‍යාපනය

පස්වැන්න වූ විද්‍යාස්ථානය බලවත් බැවින් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට ශුභදායකය. ජන්ම කේන්ද්‍රෙය් බල දූබලතා මත මේ තත්වය තව තවත් බල දුබල වෙයි. එමෙන්ම උප්පත්ති කේන්දරයේ නවවැන්න බලවත් නම් උසස් අධ්‍යාපන කටයුතුද සරුවනු ඇත. ගෝචරයේ පස්වැන්නෙන් පස්වැන්න එනම් මෙහි නවවැන්න තවත් තීර්ව වේ. එවිට දරුවන් යහපත් මානසික තත්ත්වයෙන් යුතුව අධ්‍යාපන කටයුතුවල, වෘත්තීය පුහුණු හා නව නිපැයුම් ක්ෂේත්‍රවල ද කැපී පෙනෙන දස්කම් දක්වයි..

ජීවිතය

සාමාන්‍ය ගෘහ ජීවිතය ශුභාශුභ ලෙස ගෙවෙනු ඇත. සත්වැන්න පීඩා වීම සහ සිකුරු සතුරු ස්ථාන ගත වීම හේතුවෙන් විවාහ අපේක්ෂකයන්ට විවාහ ප්‍රමාද වේ. විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටින එම කටයුතු ප්‍රමාද කිරීම සුදුසුය. දරුවන් ලැබීමට සිටින අය මේ දිනවල ප්‍රෙව්ශම් වීම වැදගත්ය. ජූලි පස්වෙනිදායින් පසු සිකුරු සිංහ රාශි ගත වීමෙන් අනතුරුව මෙම තත්වය ශුභ අතට හැරෙනු ඇත.

සෙෘඛ්‍යය

රෝගස්ථානාධිපති සිකුරු එහිම ස්වක්ෂේත්‍ර බැවින් උෂ්ණාධික රෝග හා උදරගත රෝගවලින් ප්‍රෙව්ශම් වෙන්න. සිකුරු අටවැන්න වූ කටක රාශිය මතින් ගෝචරය වනවිට හදිසි අනතුරු සම්බන්ධව ද කල්පනාකාරී වීම යහපත්ය.

ජය දින - ඉරිදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

ජය වර්ණ - සුදු, ලා නිල්. රන්වන්

ජය අංක - 2, 3, 5, 9

පොදුවේ ගත් කල ශනි, බුධ, ශුක්‍ර මහ දශා - අන්තර් දශා ගත කරන අයට අයහපත්ය. කුජ, රවි හා ගුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කුම්භ
14° 47' 36"

  රවි
   3° 14' 32"
  චන්ද්‍ර
   17° 1' 6"
  බුධ
   12° 26' 46"
  සිකුරු
   17° 44' 45"
  කුජ
   27° 24' 7"
  ගුරු
   15° 1' 22"
  ශනි
   15° 58' 10"
  රාහු
   4° 13' 43"
  කේතු
   4° 13' 43"
  යුරේනස්
   4° 45' 40"
  නෙප්චූන්
   19° 52' 7"
  ප්ලූටෝ
   26° 9' 57"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය